ජපාන අගමැතිගේ බිරිඳ එක්සත් ජනපද ජනාධිපති ආර්යාව හමුවේ


ඊයේ (17) ධවල මන්දිරයේදී මෙම හමුව පැවැත්වී ඇත.

.

ජපාන අගමැති කිෂිඩා ෆුමියෝගේ බිරිඳ වන කිෂොඩා යුකෝ එක්සත් ජනපද ජනාධිපති ආර්යා ජිල් බයිඩ්න් හමුවී තිබේ.

කිෂිඩා යුකෝ එක්සත් ජනපද ජනාධිපති ආර්යාවගේ ආරාධනයෙන් තම ස්වාමිපුරුෂයා නොමැතිව එක්සත් ජනපදයට ගිය පළමු අගමැති බිරිඳයි.

ජපාන විදේශ අමාත්‍යාංශය පැවසුවේ තේ පානයෙන් පසුව ඔවුන් දෙදෙනා ඕවල් කාර්යාලයේදී ජනාධිපති ජෝ බයිඩ්න්ද හමුවූ බවයි.

මොවුන් දෙදෙනා තම රටවල් අතර මිත්‍රත්වය සනිටුහන් කරමින් ධවල මන්දිරයේ චෙරි පැළයක් ද රෝපණය කළහ.  රුක් සිටුවීම දිගුකාලීන ද්විපාර්ශ්වික සබඳතාවල සංකේතයක් බව ඇමරිකානු ජනාධිපති ආර්යාව පැවසීය. 

 

 

107 Views

Comments