තුවක්කු හා පුපුරණ ද්‍රව්‍ය සෙවීමට AI තාක්ෂණය


ජාතික පොලිස් නියෝජිතායතනය ස්වභාවික භාෂා සැකසුම් නම් තාක්ෂණයක් හඳුන්වා දීමට සැලසුම් කර ඇත.

.

ජපාන පොලිසිය විසින් තුවක්කු සහ පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු සොයා ගැනීම සඳහා කෘතිම බුද්ධිය භාවිතා කිරීමට තීරණය කර තිබේ.

ජාතික පොලිස් නියෝජිතායතනය සැප්තැම්බර් මාසයේදී ස්වභාවික භාෂා සැකසුම් නම් තාක්ෂණයක් හඳුන්වා දීමට සැලසුම් කර ඇති අතර එය පෙළ විශ්ලේෂණය කර මිනිස් ජීවිතයට බරපතල අවදානම් ඇති කළ හැකි අන්තර්ගතයන් වෙන්කර හඳුනා ගනී.

පසුගිය ජුලි මාසයේදී තුවක්කුවක් අතැතිව සිටි පුද්ගලයෙකු විසින් හිටපු අගමැති අබේ ෂින්සෝට මාරාන්තික වෙඩි තැබීමෙන් පසුව මෙසේ ආයුධ සම්බන්ධයෙන් තොරතුරු සෙවීමට රජය වැඩි අවධානයක් යොමු කිරීමට පියවර ගෙන ඇත. 

 

 

47 Views

Comments