ඝාතනයක් සම්බන්ධයෙන් ඉන්දුනීසියානු ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට


20 හැවිරිදි ඉන්දුනීසියානු ජාතිකයෙකු වසර දෙකක් තිස්සේ අතුරුදහන් වී ඇත.

.

පසුගිය මාසයේ උතුරු ජපානයේ ෆුකුෂිමා ප්‍රාන්තයේ පුද්ගලයෙකුගේ මළ සිරුරක් අතහැර දමා ගිය බවට සැකපිට ඉන්දුනීසියානු ජාතිකයින් තිදෙනෙකු ජපානයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තෝකියෝවට උතුරින් සයිටාමා ප්‍රාන්තයේ කොනොසු නගරයේ පදිංචිව සිටි 20 හැවිරිදි ඉන්දුනීසියානු ජාතිකයෙකු වසර දෙකක් තිස්සේ අතුරුදහන් වී ඇති බවට පසුගිය මාසයේදී පොලිසියට වාර්තා විය.

විමර්ශනය කිරීමෙන් පසු පොලිසිය ෆුකුෂිමා හි ඔනෝ නගරයේ කඳුකර ප්‍රදේශයක් පරීක්ෂා කළ අතර පිට්ටනියක ගමන් මල්ලක තිබී මළ සිරුරක් සොයා ගන්නා ලදී.  මළ සිරුර අතුරුදන් වූ පුද්ගලයාගේ බවට ඔවුන් සැක කරයි.

අතුරුදන් වූ පුද්ගලයා සිටි නගරයේම පදිංචි සැකකරුවන් තිදෙනා අඟහරුවාදා පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් තිදෙනා සමග ආහාර ගැනීමෙන් පසු 2021 දෙසැම්බර් මාසයේදී මෙම පුද්ගලයා අතුරුදහන් වී ඇති බව මේ වන විට සොයාගෙන ඇත.

110 Views

Comments