සියදිවි නසාගත් නීතීඥවරියට යුක්තිය ඉටුවේ


යෙන් මිලියන 128 ක් ඇගේ දෙමව්පියන්ට ගෙවන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

.

පසුගිය දිනක ඔයිටා ප්‍රාන්තයේ නීති ආයතනයකට අයත් නීතීඥවරියක් සියදිවි නසාගෙන තිබුණි.

ඒ එම ආයතනයේ නියෝජිතයා වූ 60 හැවිරිදි පුද්ගලයෙකු විසින් ලිංගික අතවර කිරීම හේතුවෙනුයි.

ඒ අනුව ඇගේ දෙමාපියන් අදාල සැකකරුට එරෙහිව යෙන් මිලියන 171 ක පමණ වන්දියක් ඉල්ලා නඩුවක් පැවරූ අතර Oita දිසා අධිකරණය ඊයේ (21) යෙන් මිලියන 128 ක් එම දෙමව්පියන්ට ගෙවන ලෙස සැකකරුට නියෝග කළේය.

 

51 Views

Comments