ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක් ...


ඊයේ දහවල් වරුවේ ටොන්ග දිවයින ආශ්‍රිත මුහුදු පතුලේ සිදු වූ ...

.

ඊයෙ සෙනසුරාදා දහවල් වරුවේ ටොංගා දිවයින ආශ්‍රිත මුහුදු පතුලේ සිදුවූ ගිනිකදු පුපුරා යාමකින් කැළඹී ගිය සමුදුරු රළ ඊයේ සවස්වරුවේ සහ ඉරිදා දින උදේ වරුව වන විට ජපානය වටා යම් යම් වෙරළතීර වල් වෙත සුනාමි තත්ත්වයක් ඇති කළ හැකි බව ජපාන කාලගුණ අංශ විසින් අනතුරු අඟවා තිබේ.

ඒ අනුව අමාමී සහ ටොකාරා දිවයින් වෙත පළමුව සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර මුහුදු රළ මීටර් එකහමාර සිට මීටර් 3 දක්වා උසකින් යුක්ත ව වෙරළතීර වෙත ඇතුල් විය හැකි බව කාලගුණ අංශ විසින් පූර්ව සුනාමි අනතුරු ඇඟවීම් මගින් දැනුවත් කර ඇත .

මේ වන විට අමෝරි,ඉවතේ,මියාගි,චිබා,කොචී සහ මියසාකි යන දිවයින් වල වාසය කරන පුද්ගලයින් දෙලක්ෂ දහදාහකට පමණ වෙරළ  තිරයන්ගෙන් ඉවතට වී සිටින ලෙස අදාල ආරක්ෂක අංශ විසින් දැනුවත් කර තිබේ.

631 Views

Comments