91 හැවිරිදි කාන්තාවට පහරදුන් සාත්තු සේවකයා අත්අඩංගුවට


Chiba ප්‍රාන්තයේ Matsudo ප්‍රදේශයෙහි පොලිසිය විසින් 91 හැවිරිදි කාන්තාවකට පහර දුන් තිස් දෙහැවිරිදි සාත්තු සේවකයෙකු

.

Chiba ප්‍රාන්තයේ Matsudo ප්‍රදේශයෙහි පොලිසිය විසින් 91 හැවිරිදි කාන්තාවකට පහර දුන් තිස් දෙහැවිරිදි සාත්තු සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

Shohei Ono නම් වූ මෙම පුද්ගලයා ඉතා දරුණු ලෙස එම කාන්තාව සොලවා ඇති අතර එමගින් ඇයගේ කොඳු ඇට පෙළ හා සුසුම්නාව ප්‍රදේශයට දරුණු ලෙස හානි පැමිණ වී ඇත.

 

මෙම සිදුවීම පිළිබඳව පොලිසියෙන් දැනගෙන ඇත්තේ ඔවුන්ට ලැබුණු නිර්නාමික ඇමතුමක් හරහා ය.කෙසේ නමුත් අදාල සේවකයා මෙතෙක් මෙම චෝදනා කිසිවක් පිළිගෙන නොමැති අතර එවැනි කිසිදු ක්‍රියාවක් ඔහු නොකළ බව තරයේම ප්‍රකාශ කර සිටී 

244 Views

Comments