ජපානයේ Mitsubishi Tanabe Pharma ඖෂධ නිෂ්පාදන ආයතනය සහ කැනඩාවේ GlaxoSmithKline Plc ඖෂධ නිශ්පාදන ආයතනය එක්ව නිෂ්පාදනය කිරීම ආරම්භ කරන ලද, කොවිඩ් මර්දනය සඳහා වන ශාකසාර සහිත එන්නතක් කැනඩාව විසින් භාවිතය සඳහා අනුමත කර තිබේ.
ශාකසාර යොදාගෙන නිපදවන ලද ලොව ප්‍රථම කොවිඩ් එන්නත මෙය බවද වාර්තා වේ. Covifenz ලෙස නම් කර ඇති මෙම හරිත එන්නත, පසුගිය ඔක්තෝම්බර් මස සිට සායනික පර්යේෂණ ගණනාවකට යොමු කර සාර්ථක ප්‍රතිඵල ලබාගෙන ඇති අතර, එළැඹෙන සැප්තැම්බර් මස සිට ජපානය තුළ භාවිත කිරීමට අනුමැතිය ඉල්ලා ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මේ වෙනවිටත් යොමුකර ඇති බව ද වාර්තා වේ.