එළැඹෙන මාර්තු 4 වනදා සිට දහතුන් වන දා දක්වා චීනයේ බීජිං නුවරදී පැවැත්වීමට නියමිත පැරාඔලිම්පික් උළෙල සදහා ජපානයෙන් පිටවී යාමට නියමිත ක්රීඩක ක්රීඩිකාවන් පිටත් කර හැරීමට පෙර පවත්වනු ලැබූ සැමරීමක් පසුගිය බ්රහස්පතින්දා ටෝකියෝ නුවර දී පැවැත්විණි.
ජපානයේ ඔටුන්න හිමි කුමරු වන Fumihito කුමරු සහ ඔහුගේ බිරිඳ වන Kiko කුමරිය මෙම අවස්ථාවට සහභාගී වී සිටි අතර ජපාන අගමැති තුමා වීඩියෝ ඇමතුමකින් අවස්ථාවට සම්බන්ධ විය.