ජපන් - ඇමරිකා විදෙස් අමාත්‍යවරු කතාබහක...


ජපාන විදේශ අමාත්‍ය Yoshimasa Hayashi සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken අතර..

.

ජපාන විදේශ අමාත්‍ය Yoshimasa Hayashi සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken අතර විශේෂ දුරකථන සංවාදයක් පසුගියදා පැවැත්වූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.

රුසියාවට එරෙහිව තීන්දු තීරණ ගැනීමේදී ජපානය සහ ඇමරිකාව එක්ව ක්‍රියා කිරීමේ ඇති වැදගත්කම, සහ මෙවැනි ක්‍රියාකාරකම් ඉන්දු පැසිෆික් කලාපය තුළ නැවත සිදු නොවීමට වගබලා ගැනීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයත් මෙහිදී සාකච්ඡා කර තිබේ. රුසියාවේ ක්‍රියාකලාපය හමුවේ නිහඬ පිළිවෙතක් අනුගමනය කරන චීනය සම්බන්ධවද මෙහිදී සාකච්ඡා වී තිබේ.

137 Views

Comments