රාජකාරි ස්ථානයේ දී 38 හැවිරිදි පුද්ගලයෙකුට දරුණු ලෙස පහර දී මරා දැමීමේ සිදුවීමකට සැකපිට වයස අවුරුදු 20 සිට 40 දක්වා වූ පුද්ගලයන් පස් දෙනකු Iwate ප්රාන්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් ආරංචිමාර්ග වලට අනුව Ichinoseki නගරයේ වාසය කළ 30 හැවිරිදි Takamasa Oyokawa තවත් අදාල මරණයට සම්බන්ධ සිව් දෙනකු සමඟ පොලිසිය පසුගිය බදාදා අත්අඩංගුවට ගෙන තිබිණි. අදාල පුද්ගලයන් පස් දෙනා පසුගිය සඳුදා සවස 6 න් පසුව රාජකාරි විමේදි මිය ගිය මෙම පුද්ගලයා ඉතා දරුණු ලෙස පහර දීමකට ලක් කර ඇති අතර රෝහල් ගත කිරීමෙන් පසු එදින රාත්රී 10ට පමණ ඔහු මියගොස් තිබුණි.