Rakuten යුක්රේනයට අත දෙයි


සුප්‍රසිද්ධ ජපාන අන්තර්ජාල ව්‍යාපාර සමාගම වන Rakuten නිර්මාතෘ සහ සභාපති..

.

සුප්‍රසිද්ධ ජපාන අන්තර්ජාල ව්‍යාපාර සමාගම වන Rakuten නිර්මාතෘ සහ සභාපති Hiroshi Mikitani පසුගියදා මාධ්‍යයට අනාවරණය කර සිටියේ, යුක්රේනයට තම සමාගමෙන් යෙන් බිලියන 1ක් හෙවත් ඇමරිකානු ඩොලර් මිලියන 8.7ක් ආධාර ලෙස ලබාදීමට තමන් තීරණය කර ඇති බවයි.

යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy වෙත twitter පණිවිඩයක් යොමුකරමින්, Hiroshi පවසා ඇත්තේ, රුසියානු ප්‍රහාර ආරම්භ වූ බව දැනගත් මොහොතේ පටන් තමන් ඉතා සංවේගයට පත් වූ බවත්, මේ මොහොතේ සමස්ත යුක්රේන ජනතාව වෙනුවෙන්ම තමන් සහ තම සමාගම පෙනී සිටින බවත්ය. මෙම මුදල් ආධාරය, මනුෂ්‍යත්වය වෙනුවෙන් යුක්රේන ජනයාට යුදමය තත්වයේදී අවශ්‍ය ආධාර සැපයීම වෙනුවෙන් තම සමාගම ලබාදෙන බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

Comments