රුසියානු ආක්‍රමණය යුක්රේන අග නගරය වන Kyiv වෙත ක්‍රම ක්‍රමයෙන් ළඟාවන මොහොතක, ලක්ෂ ගණන් යුක්රේන වැසියන් ආරක්ෂාව පතා අසල්වැසි දේශයන් වෙත පලා යමින් සිටින බව වාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසමේ වාර්තා සඳහන් කරන පරිදි, ඉරිදා දින උදෑසන වන විට 150,000 කට අධික යුක්රේන වැසියන් පිරිසක් පෝලන්තය ඇතුළු අසල්වාසී රාජ්‍යයන් වල දේශසීමාවල පිළිගැනීමේ කාර්යාල වෙත පැමිණ,සිය හිතවතුන් තමන් රැගෙන යනතෙක් රැඳී සිටින බව සැලවේ. මේ පිරිස තුළ සැලකිය යුතු ප්‍රමාණයක් කුඩා දරුවන් සිටින බවද වාර්තා වන අතර, දින ගණනාවක් පුරා ඔවුන් සැතපුම් දහස් ගණන් ගෙවා දේශසීමා වෙත පලා යන බව වාර්තා වේ. ඇතැමුන් පාගමනින්ම දේශ සීමා වෙත පැමිණ ඇති බවද වාර්තා වේ.