රුසියානු යුක්රේන අර්බුදය හමුවේ ටෝකියෝ කොටස් වෙළඳපල අගයන් සුළු වශයෙන් නැවතත් ඉහළ ගිය බව කොටස් වෙළෙඳපොළ ආරංචිමාර්ග සඳහන් කරයි.
රුසියාව විසින් යුක්රේන ආක්රමණය ආරම්භ කිරීමත් සමඟ, ටෝකියෝ කොටස් වෙළඳපළ අගයන් වේගයෙන් පහත වැටෙමින් තිබූ අතර, දෙරට අතර පැවැත්වීමට නියමිත සාකච්ඡා සාර්ථක වී තත්වය සමනයට පත් වුවහොත් ඒ ලෝක ආර්ථිකයට මහත් අස්වැසිල්ලක් වනු ඇති බවට විශ්වාස කෙරේ. ටෝකියෝ මිල දර්ශය තුල Nikkei කොටස් 225ක් නිකුත්ව තිබූ අතර ඒවා අගයන් කර තිබුණේ 50.32ක් ලෙසයි.