රුසියාව විසින් යුක්රේන ආක්‍රමණය සිදුකරන ලද ආකාරය දෙස බැලීමේදී, ඔවුන් විසින් අනුගමනය කරන ලද ඒකාධිපති සහ ඉතා දැඩි ප්‍රතිපත්ති දෙස නැවතත් විමසිල්ලෙන් බැලිය යුතු බව ජාත්‍යන්තර විචාරකයින්ගේ අදහසයි.
අසල්වැසි රාජ්‍යයක් ලෙස ජපානය රුසියාව හා සමඟ මෑත කාලයේ දී වැඩි වශයෙන් ආර්ථික සහ ආරක්ෂක වැඩසටහන් වලට දායක වී තිබුණි. කෙසේ වෙතත් එම මිතුදම පවා මායිම් නොකරමින්, ජපානයේ ඉල්ලීම්ද නොසලකා හැරීමට මෙම අවස්ථාවේ රුසියාව ක්‍රියා කර තිබීම, ජපානයට නැවත සිතන්නට යමක් ඉතුරු කර ඇති බව පෙනේ. G7 කාර්මික සංවිධානයට අයත් රටක් ලෙස ජපානය සිය ආර්ථික කටයුතු ප්‍රධාන වශයෙන් සිදු කරන එක් රටක් ලෙස රුසියාව හඳුනාගෙන තිබේ. කෙසේ වෙතත් සමස්ත ලෝකයේ ම ආර්ථිකය අර්බුදයකට ලක්කරමින් කලාපයේ ආරක්ෂාව ද තර්ජනයකට ලක් කරමින් රුසියාව හැසිරෙන මෙම දරදඬු ස්වභාවය ජපානය තවදුරටත් ඉවසන්නේද යන වග සිතන්නට සිදුව තිබේ. මීට පෙරත්, ක්රිමියානු ආක්රමණයේ දී ජපානය විසින් රුසියාවට විශාල ආර්ථික සම්බාධක ප්‍රමාණ පනවන ලදී. කෙසේ වෙතත් සම්බාධක පැනවීම තුළින් පමණක් රුසියාව මට්ටු කළ හැකිද යන්න විවාදාත්මක කරුණකි.
උපුටා ගැනීම: mainichi