තවමත් රිදුම් දෙන අඳුරු අතීතය...


දෙවන ලෝක යුද්ධයේදී, ජපානය විසින් ඇමරිකාවේ පර්ල් වරායට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසු...

.

දෙවන ලෝක යුද්ධයේදී, ජපානය විසින් ඇමරිකාවේ පර්ල් වරායට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසු, ඇමරිකාවේ වාසය කල සියලුම ජපාන ජාතිකයන් හමුදා කඳවුරක් තුළ සිරගත කරන්නට එවකට ඇමරිකානු රජය පියවර ගෙන තිබිණි.

 

පවුල් පිටින් ඔවුන් ජීවත් වන නිවාස වලින් බලාත්කාරයෙන් ඔවුන්ව පිටුවහල් කරන ලදුව, මෙකී කඳවුරු තුළට යොමු කරන ලදී. එවකට ඇමරිකානු ජනාධිපති Franklin Roosevelt විසින් නිකුත් කරන ලද විධායක නියෝග 9066 ට අනුව, 12500කට අධික ජපාන ඇමරිකානු පුරවැසියන් පිරිසක් මෙලෙස මෙම කදවුර තුළට බලහත්කාරයෙන් රැගෙන යන ලදී. 

 

මෙම සිදුවීම වන විට කුඩා දරුවකුව සිටි, දැනට 93 වියේ පසුවන Minoru Tonai එම අඳුරු අතීතය මතක් කරමින් පවසා සිටියේ, 1941 දෙසැම්බර් 8 වන දින පර්ල් වරාය ප්‍රහාරය එල්ල වීමෙන් පසුව, එදිනම රාත්‍රියේ සිය ගම්මානයට කඩා වැදුණු FBI නිලධාරීන් ඇතුළු හමුදා පිරිසක් තම පියාව ප්‍රථමයෙන් අත්අඩංගුවට ගත් බවත්, ඉන් අනතුරුව සිය පවුලම ආකාරයෙන් නිවසින් බැහැර කර කදවුර තුළට ගෙන ආ බවත්ය. කදවුර තුළ ගෙවූ ජීවිතය ඉතා දුෂ්කර හා කටුක එකක් වූ අතර, ඉන් නිදහස් වන විට තමන්ගේ ළමා කාලයේ හොඳම අවධිය ඉතා දුක්ඛිත ගෙවී අවසන් වූ බවත් Minoru Tonai කඳුළු පිරි දෙනෙතින් යුතුව මතක් කර සිටියේය.

Comments