ජපාන වාසීන්ගේ දායකත්වයෙන් යුක්රේනයේ යුද සහනාධාර සඳහා යෙන් බිලියන දෙකකට ආසන්න මුදලක් පරිත්‍යාග කර ඇති බව යුක්රේන තානාපති පසුගිය අඟහරුවාදා ප්‍රකාශ කළේය. ඔහු ජපාන රජයට හා සියලු ජපාන වාසීන්ට ඔහුගේ ස්තුතිය පුද කර තිබිණි.
යුක්රේන තානාපති කාර්යාලය මගින් පිහිටවනු ලැබූ අරමුදලකට ජපාන වැසියන් 60,000 වඩා වැඩි පිරිසක් මුදල් පරිත්‍යාග කර ඇත.
ජපානයේ යුක්රේන තානාපති Sergiy Korsunsky පවසා සිටියේ යුක්රේනය නැවත ගොඩනැගීම සඳහා මහත්වූ පරිශ්‍රමයක් සහ අධික පිරිවැයක් දැරීමට සිදු විය හැකි බැවින් ජපානයේ සහාය ඔවුන් නිරන්තරයෙන් අපේක්ෂා කරන බවයි.