ලක්ෂ හතරකට වඩා  වැඩි පිරිසක් තවමත්  ජපානයට ඇතුළු වීමේ බලාපොරොත්තුවෙන්


ජපානයේ තුළ ව්‍යසනකාරී ලෙස  පැතිර ගිය omicron ප්‍රභේදය හේතුවෙන්  ජපානයට විදේශිකයන්  ගෙන්වා ගැනීම සීමා කෙරුණු අතර  ?

.

ජපානයේ තුළ ව්‍යසනකාරී ලෙස  පැතිර ගිය omicron ප්‍රභේදය හේතුවෙන්  ජපානයට විදේශිකයන්  ගෙන්වා ගැනීම සීමා කෙරුණු අතර  එහෙත්  පසුගිය දා  සීමාසහිතව ජපානයට විදේශිකයන් ඇතුළු කර ගැනීම ආරම්භ කෙරිණි.ඒ යටතේ මුලින් දිනකට 3500ක් විදේශිකයන් ඇතුළු කර ගැනීමට ජපාන රජය තීරණය කළ අතර පසුව එය පන්දාහ දක්වා වැඩි කෙරිණි.

 

කෙසේ වෙතත් මේ වන විට ආරංචි මාර්ග වලට අනුව  පසුගිය ජනවාරි 4 වනදා වන විට ජපානයට ඇතුළුවීමට වීසා ලබාගෙන සිටි ලක්ෂ හතරකට වඩා  වැඩි පිරිසක් තවමත් ජපානෙන් පිටත  ඔවුන්ගේ වාරය එන තුරු අපේක්ෂාවෙන් සිටින බව වාර්තාවේ . ජපානය එරටට විදේශිකයන් ඇතුළු කර ගන්නේ  සීමා සහිතව බැවින්  එම පිටත රැඳී සිටින පිරිස, උසස් අධ්‍යාපන ආයතන සහ රැකියා ආයතන  තවදුරටත් පීඩාවෙන් පසුවන බව ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා ඇත 

Comments