සුප්රසිද්ධ ජපාන අවන්හල් ජාලයක් වන Osaka Ohsho හි නවතම ශාඛා චීනයේ ෂැංහයි හීදී විවෘත කිරීමට ඔවුන් සියලූ කටයුතු සූදානම් කර තිබේ.
ජපානයේ පුරාම ඉමහත් ප්රසිද්ධියක් උසුලන Osaka Ohsho අවන්හල් තුළ, චීන සහ ජපාන මිශ්ර ආරක නව ආහාර වර්ග රැසක් මෙනු ගතවී තිබේ. "okonomiyaki" සහ "kushi-katsu" ලෙස හදුන්වන මාංශමය ආහාර ජපන් ජාතිකයන් පමනක් නොව චීන ජාතිකයන්ද ඉමහත් රුචිකත්වයක් දක්වන එකකි. කොවිඩ් වසංගත තත්වය නිසා, ජපානයට ඇතුළු වීමට නොහැකි චීන ජාතිකයන් හට කිසිදු බාධාවකින් තොරවම චීනයේ සිටම ජපාන ආහාර බුක්ති විදීමට මෙමගින් හැකිවේ.