Toyota රුසියාව තුළ නිෂ්පාදනය නවතයි


රුසියානු යුක්රේන යුද ගැටුම් අතරතුර රුසියාවට ලෝකයේ බොහෝ රටවලින්  සම්බාධක පැනවීමින් පවතින

.

රුසියානු යුක්රේන යුද ගැටුම් අතරතුර රුසියාවට ලෝකයේ බොහෝ රටවලින්  සම්බාධක පැනවීමින් පවතින අතර  එහි නවතම ආරංචි වන්නේ  ලෝකයේ ප්‍රමුඛ පෙළේ මෝටර් රථ නිෂ්පාදකයා වන  ටොයෝටා සමාගම රුසියාව තුළ නිෂ්පාදන අත්හිටුවා දැමීමට තීරණය කිරීමයි.

 

රුසියාව සෙන් පීටර්ස්බර්ග් හි පිහිටා ඇති ටොයෝටා සමාගමට අයත් sports utility සහ අනෙකුත් මොඩල වල වාහන නිෂ්පාදනාගාරයට අවශ්‍ය කොටස් නිසියාකාරව සපයා දීමේ අපහසුතාවය හේතුකොටගෙන එළඹෙන සිකුරාදා සිට හි නිෂ්පාදන කටයුතු නවතා දැමීමට සමාගම සූදානමින් සිටී.

 

මීට අමතරව Honda සහ Mitsubishi යන වාහන සමාගම් ද රුසියාවේ ඔවුන්ගේ නිෂ්පාදන නවතා දැමීමට සූදානම් බව නිවේදනය කර ඇත.

 

 

Comments