Celine Dion උතුරු ඇමරිකානු සංචාරය අවලංගු කරයි


සුපිරි ගායන තරුවක් වන Celine Dion පසුගිය සෙනසුරාදා දින නිවේදනය කර සිටියේ ඇයගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් උතුරු ?

.

සුපිරි ගායන තරුවක් වන Celine Dion පසුගිය සෙනසුරාදා දින නිවේදනය කර සිටියේ ඇයගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් උතුරු ඇමරිකාවේ  පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රසංගයට ඇයට  සහභාගිවීමට නොහැකි බවයි. ඇය ඇයගේ twitter ගිනුමේ  තවදුරටත් සඳහන් කර තිබුණේ මේ වන විට ඇයට ප්‍රසංගයට යෑමට හැකි බව දැනුනත් තව කාලයක් ඉවසා සිටීම සුදුසු බව ඇයට හැඟෙන බවයි .

 

කෙසේ නමුත් වසංගත තත්වය නිසා තාවකාලිකව නවතා තැබූ ඇයගේ ලෝක සංචාරය 2021 නොවැම්බර් මසදී නැවත ආරම්භ කිරීමට ඇය සියලු කටයුතු සූදානම්  කර තිබුණි.ඒ ලාස් වේගාස් හි ආරම්භක ප්‍රසංගයත් සමඟයි. එනමුත් අවාසනාවන්ත ලෙස ඇය ගොදුරු වූ යහපත් සෞඛ්‍යය ගැටලු හමුවේ එම දිනද අවලංගු වී ඇත.

 

කෙසේ වෙතත් ඇය පවසා සිටින පරිදි එළඹෙන  මාර්තු මාසේ ඇය නැවත මෙම සංචාරය ආරම්භ කිරීමට අදහස් කරන අතර ඇය මාස දෙකක් පුරාවට ඇමරිකාව සහ කැනඩාව තුළ  නගර පහලවක් ආවරණය කෙරෙනු ඇත .එනමුදු  ඇයගේ කළමනාකාරීත්වයට අනුව  ඇය  සම්පූර්ණ සුවය ලැබීමට සිතුවාට වඩා වැඩි කාලයක් ගත වේයැයි අනුමාන කෙරෙන හෙයින්   එම දින ද මේ වන විට අවලංගු කර ඇත .

 

Source: japantoday.com

Comments