සෙල්සියස් අංශක 35 ඉක්මවූ උෂ්ණත්වයක් අපේක්ෂා කරන JMA


ජපානය අතිශය ඉහළ උෂ්ණත්වයක් වාර්තා කරයි

.

ජූලි 20 වැනි දින ජපානයේ නැගෙනහිර සහ මධ්‍යම ප්‍රදේශවල සෙල්සියස් අංශක 35 හෝ ඊට වැඩි අගයක් දක්වා උෂ්ණත්වය ඉහළ යනු ඇතැයි ජපාන කාලගුණ විද්‍යා නියෝජිතායතනය (JMA) පුරෝකථනය කර ඇති බව වාර්තා වේ .

 

Tokyo අගනුවර ඇතුළු Kanto-Koshin ප්‍රදේශය පුරා ඇති උණුසුම් වාතය සහ අව්ව සහිත කාලගුණය හේතුවෙන් ජුලි 3 වැනි දිනෙන් පසු ප්‍රථම වතාවට "අතිශයින්ම උණුසුම් දිනයක්" බවට ජුලි 20 දිනය පත් වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බැවින් තාප ආඝාතයට එරෙහිව පූර්වාරක්ෂාකාරී පියවර ගන්නා ලෙස නියෝජිතායතනය ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

JMA ට අනුව අගනුවරට උතුරින් පිහිටි Saitama ප්‍රාන්තයේ Kumagaya නගරයේ සෙල්සියස් අංශක 36 ක ඉහළ උෂ්ණත්ව අගයක් ද  මධ්‍යම Tokyo නගරය, අගනුවරට වයඹ දෙසින් පිහිටි Gunma ප්‍රාන්ත නගරය, Yamanashi ප්‍රාන්තයේ Kofu මධ්‍යම ජපාන නගරය ඇතුළු ප්‍රදේශ වල සෙල්සියස් අංශක 35 ක ඉහළ උෂ්ණත්ව අගයක් ද වාර්තා කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ .

155 Views

Comments