අපූරු ජපානය


තාක්ෂණ ඥානය සහ විනය ආචාරධර්ම තුළින්  දිනෙන් දින ඉදිරියට එන ජපානයේ  ජීවත් වීමට ප්‍රිය නොකරන  පුද්ගලයෙක්  ලොව ප?

.

තාක්ෂණ ඥානය සහ විනය ආචාරධර්ම තුළින්  දිනෙන් දින ඉදිරියට එන ජපානයේ  ජීවත් වීමට ප්‍රිය නොකරන  පුද්ගලයෙක්  ලොව පුරා නොමැති තරම්. ඒ අපූරු ජපානය පිළිබඳව අපූරු කාරණා කීපයක් දැනගමු.

 

1. ලොව ආරක්ෂිතම නගරය වන ටෝකියෝ නුවර ජපානයේ පිහිටා තිබීම. ප්‍රමුඛ පෙළේ සමීක්ෂණ ආයතනයකින් සිදුකළ සමීක්ෂණයකදී සෞඛ්‍ය ආරක්ෂාව , ඩිජිටල් ආරක්ෂාව , යටිතල පහසුකම් සහ පෞද්ගලික ආරක්ෂාව යන නිර්ණායකයන් අනුව ටෝකියෝ නුවර ලොව ප්‍රථම ස්ථානයට පැමිණ ඇත.

 

2. විස්තරාත්මක උපදෙස් 

      ජපානයේ ඇති පිරිසිදු භාවය සහ විනය ලෝවැසි කාටත් අරුමයක් නොවේ. මේ දිගින් දිගටම පවත්වාගෙන පවත්වාගෙන යාම පිණිස ජපානයේ බොහෝ පොදු ස්ථානවල එම ස්ථානවල දී හැසිරිය යුතු ආකාරය පිළිබඳව සවිස්තරාත්මක උපදෙස් සඳහන් කර ඇත . එහෙයින් ජපානයට අලුතෙන්ම පිවිසෙන විදේශිකයින්ට පවා ජපානයේ හුරුවට හැඩ ගැහෙන්න ට බොහෝ පහසු වී තිබේ.

 

3.සාමූහික උදෑසන ව්‍යායාම  

 

ජපානයේ සියළුම වැසියන් පාහේ තම දෛනික කටයුතු ආරම්භ කිරීමට පෙර සාමූහිකව ව්‍යායාම් කිරීම සෑම දෙනාගේම පුරුද්දකි.හෙට ධෛර්යමත් කිරීමක් ලෙස නගරවල තනා ඇති ශබ්ද විකාශන යන්ත්‍ර මගින් උදෑසන ව්‍යායාම සඳහා අවශ්‍ය සංගීත ඛණ්ඩ ප්‍රචාරය කෙරේ .

 

4. පාරිතෝෂික සිකුරාදා 

 

 ජපානයේ යනු මිනිසුන් බොහෝ වෙහෙස වී වැඩ කරන රටක් වන අතර සෑම සති අන්තයක් ම ඔවුන් අධික තෙහෙට්ටුවෙන් පීඩාවිඳින රටකි. මෙයට විසඳුමක් ලෙස මෑතක දී ජපන් රජය විසින් සෑම මසකම අවසාන සිකුරාදා දින වේලාසනින් නිවසට යාමට සියලුම රජයේ හා පෞද්ගලික සේවකයන්ට අවස්ථාව සලසා දෙන ලද අතර එම වරුවට අදාල මෙතනය කප්පාදු කිරීමක් සිදු නො කරයි.

  

 

 

129 Views

Comments