තමන් විසින්ම නිර්මාණය කළ මූර්ති නිවහන...


නැසීගිය ජපාන සම්මානලාභී මූර්ති ශිල්පී Fumio Asakura විසින් නිර්මාණය කරන ලද...

.

නැසීගිය ජපාන සම්මානලාභී මූර්ති ශිල්පී Fumio Asakura විසින් නිර්මාණය කරන ලද මූර්ති කෞතුකාගාරයක් ටෝකියෝ හි ටයිටෝ ප්‍රදේශයේ පිහිටා තිබේ.

Fumio Asakura ගේ නිර්මාණ තුළ ජපානයේ ප්‍රධානතම යුගයන් තුනක් වන Meiji, Taisho සහ Showa යුගයන්හි කලා ලක්ෂණ මනාව විදහා දක්වන අතර, ඔහු ජීවිතෙන් සමු ගැනීමට ප්‍රථම මෙම කෞතුකාගාරය නිර්මාණය කිරීම කෙරෙහි ක්‍රියාත්මක වී තිබුණි. මෙකී කෞතුකාගාරයේ ගෘහ නිර්මාණ ශිල්පය, කොන්ක්‍රීට් වලින් තැනූ නවීන ගෘහ නිර්මාණ තාක්ෂණය සහිත කොටසක් සහ ලී වලින් පමණක් සෑදූ සාම්ප්‍රදායික ගෘහ නිර්මාණ තාක්ෂණය සහිත කොටසක් ලෙස අංග දෙකකින් සමන්විත වේ. මෙම ගොඩනැගිල්ලේ සිවිලිම මෙම අසහාය මූර්ති ශිල්පියාගේ චිත්‍ර වලින් අලංකාර කර තිබේ.

Comments