තත්ව පරීක්ෂවරයන් යූටියුබ් චැනලයට අසත්‍ය ප්‍රචාර වලට එරෙහිව ක්‍රියා කිරීමට බල කරයි.


අසූවකට වඩා වැඩි තත්ත්ව පිරික්සුම් සමාගම් මගින් පසුගිය බදාදා youtube චැනලයට ඒ හරහා සිදුවන අසත්‍ය ප්‍රචාර හා සාවද්??

.

අසූවකට වඩා වැඩි තත්ත්ව පිරික්සුම් සමාගම් මගින් පසුගිය බදාදා youtube චැනලයට ඒ හරහා සිදුවන අසත්‍ය ප්‍රචාර හා සාවද්‍ය තොරතුරු සන්නිවේදනය කිරීම නවතාලීමට කටයුතු කරන ලෙස දැනුම් දී ඇත.

 

ඔවුන් ප්‍රකාශ කරන පරිදි  මේ වන විට  යූ ටියුබ් චැනලය මාර්ගගත ක්‍රමය ඔස්සේ  අසත්‍ය ප්‍රචාර පතුරුවා හරින ප්‍රධාන උපක්‍රමයක්  වී ඇත.

 

ප්‍රධාන වශයෙන්ම මෙලෙස අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සිදුවන්නේ  ඉංග්‍රීසි භාෂාවෙන් කෙරෙන වීඩියෝ පට වලට වඩා වෙනත් භාෂාවලින් කෙරෙන වීඩියෝ පට හරහා බව  එම සමාගම් යූටියුබ් ප්‍රධානීන්ට ලිඛිතව දැනුම් දී ඇත.

 

තවදුරටත් එම සමාගම් විසින් යූටියුබ් හා සම්බන්ධ කර ඇති රෙකමදාරු ඇල්ගොරිතමයන් එම චැනලය හරහා සාවද්‍ය තොරතුරු සන්නිවේදනයට දායක නොවන බව සැක හැර දැන ගන්නයි එහි ප්‍රධානීන්ට දන්වා ඇත . කෙසේ වෙතත් youtube චැනලය හරහා සිදුවෙන  මෙම අකටයුතුකම් අදාළ සමාගම් වල දැඩි විවේචනයට ලක් වී ඇති අතර තව දුරටතදුරටත් ඒවා සිදු නොවීමට වග බලා ගැනීමට ඔවුන් විසින් යූ ටියුබ් චැනලයේ ප්‍රධානීන්ට දැඩිව අවවාද කර ඇත.

 

Source: japantoday .com

 

 

330 Views

Comments