ජපාන පඩි වැඩිවෙයි...


ජපාන ප්‍රධාන පෙළේ නිෂ්පාදක සමාගම් කිහිපයක් සිය වාර්ෂික වේතන ඉහළ දමා ඇතැයි වාර්තා..

.

ජපාන ප්‍රධාන පෙළේ නිෂ්පාදක සමාගම් කිහිපයක් සිය වාර්ෂික වේතන ඉහළ දමා ඇතැයි වාර්තා වේ. පසුගිය කොවිඩ් වසංගත තත්වය මධ්‍යයේ වුවද මෙකී නිශ්පාදන සමාගම් පෙන්වූ ඉහල ආදායම් ප්‍රතිශතය මෙම වේතන ඉහළ දැමීම්  සඳහා මග පාදා ඇති බව වාර්තා සඳහන් කරයි.

Hitachi, Honda, Toshiba සහ NEC ඇතුළු ප්‍රධාන පෙළේ නිෂ්පාදක සමාගම් කිහිපයක් මෙලෙස සිය වාර්ෂික වේතන ප්‍රතිශතය ඉහළ දමා තිබේ. එම අගයන් පසුගිය වසර වලට සාපේක්ෂව ඉහළ ප්‍රතිශතයක් බව ද වාර්තා වේ. මධ්‍යන අගයක් ලෙස ගත් කල මෙකී වැඩිවීම, ජපාන යෙන් 3000ක පමණ අගයක් බව වාර්තා වේ. මෙම ඉහළ දැමීම් මෙම සමාගම් විසින් නිවේදනය කර තිබුණේ අග්‍රාමාත්‍ය කිශිඩා විසින් සිදුකරන ලද, කොවිඩ් වසංගත තත්වය නිසා එතරම් බලපෑමට ලක් නොවූ නිෂ්පාදන ආයතන සිය ලාභාංශ වැටුප් වැඩි වීම් ලෙස සේවකයන්ට 3% ට වඩා වැඩි ප්‍රතිශතයක් ගෙවන ලෙස ඉල්ලීමක් කිරීමෙන් අනතුරුව වීම විශේෂත්වයකි.

169 Views

Comments