සුඛෝපභෝගි මොටර් රථ නැව්ගත කිරීම තහනම් කෙරේ.


යුක්රේනය ආක්‍රමණය කිරීමට ප්‍රතිචාර වශයෙන් ජපානයේ ආර්ථික සම්බාධකවල කොටසක් ලෙස රුසියාවට සුඛෝපභෝගී මෝටර් රථ අ

.

යුක්රේනය ආක්‍රමණය කිරීමට ප්‍රතිචාර වශයෙන් ජපානයේ ආර්ථික සම්බාධකවල කොටසක් ලෙස රුසියාවට සුඛෝපභෝගී මෝටර් රථ අපනයනය කිරීමට රජය සීමා පනවන බව වෙළඳ අමාත්‍යාංශය මාර්තු 29 දා නිවේදනය කළේය.

 

මෙම තහනම අප්‍රේල් 5 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිත වන අතර  එමඟින් රේගු හරහා ගමන් කරන විට යෙන් මිලියන 6 (ඩොලර් 49,200) කට වඩා වැඩි මිලක් ඇති මෝටර් රථ රුසියාවට අපනයනය කිරීම තහනම් කර තිබේ .

 

සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු වේගයෙන් ධනය රැස්කරගත් රටේ අතිශයින් ධනවත් හා බලගතු පුද්ගලයන් වන රුසියානු කෘත්‍යාධිකාරීන් ඉලක්ක කර ගෙන මෙම තහනම පනවා ඇති බැවින්, රුසියාවේ ආර්ථිකයට ඇති බලපෑම සීමා කිරීමට ඉඩ තිබේ.

 

ජපාන ආර්ථිකයටද මෙම නැවුම් සම්බාධකවල බලපෑම සුළු වනු ඇතැයි විශ්වාස කෙරේ.

 

ජපානයේ සිට රුසියාවට අපනයනය කිරීමේ වටිනාකමෙන් සියයට 40 ක් මෝටර් රථවලින් පැමිණියද, ඒවායේ මිල බොහෝ දුරට යෙන් මිලියන 6 නොඉක්මවන බැවින් නව සම්බාධකවලට බලපෑමක් නොමැති බව සඳහන් වේ. 

 

යෙන් 40,000 ට වැඩි මිල  අධික අත් ඔරලෝසු, මත්පැන් සහ සිගරට් වැනි අනෙකුත් සුඛෝපභෝගී භාණ්ඩද රුසියාවට අපනයනය කිරීම තහනම් කරන බව රජය එදිනම නිවේදනය කළේය.

162 Views

Comments