අධි තාක්ෂණික සංවේදී දුම්රිය පද්ධතිය


ජපානයේ දුම්රිය අනතුරු තවදුරටත් වැලැක්වීමට පියවර ගැනේ.

.

පදික වේදිකාවේ සිටින මගියෙකු දුම්රිය මාර්ගයට වැටුණහොත්  තත්පර පහක පමණ කාලයකින් දුම්රිය රියදුරන්ට දැනුම් දෙන සංවේදක පද්ධතියක් West Japan Railway Co. (JR West) විසින් අප්‍රේල් 13 දින නිපදවා තිබේ. 

 

රියදුරෙකු දුම්රිය මාර්ගයට වැටී සිටින පුද්ගලයෙකු දැකීමට ගතවන කාලය සැලකිය යුතු ලෙස කෙටි කිරීම මඟින් අනතුරු වළක්වා ගැනීම මෙහි අරමුණ වේ. ජපානයේ මෙවැනි ආකාරයේ ප්‍රථම පද්ධතිය මෙය වන අතර, ජුනි මාසයේ සිට බටහිර ජපානයේ Keihanshin අගනගරයේ වේදිකා දොරවල් නොමැති දුම්රිය ස්ථානවල මෙය ක්‍රමයෙන් ස්ථාපනය කෙරේ.

 

වේදිකාවේ සිවිලිම මත බහු සංවේදක ස්ථාපනය කර ඇති අතර පුද්ගලයෙකු වැටී ඇති බව පරිගණකය තීරණය කරන්නේ නම්, වේදිකාවේ කෙළවරේ අනතුරු ඇඟවීමේ ආලෝකයක් ස්වයංක්‍රීයව දැල්වී අනතුර පිළිබඳව දුම්රිය රියදුරෙකුට දැනුම් දීම මෙහිදී සිදු කෙරේ .

212 Views

Comments