බටහිර ජපානයේ ධාවනය වූ නිල් - කහ දුම්රිය


යුක්‍රේන ජනතාවට සහාය පළ කරමින් දුම්රියක් ධාවනය වේ

.

රට තුළ පවතින ගැටුම් මධ්‍යයේ වුවත් දුම්රිය ධාවනයේ යෙදෙන යුද්ධයෙන් විනාශ වූ  යුක්‍රේනය සහ එහි දුම්රිය කාර්ය මණ්ඩලය සමඟ සහයෝගීතාවය පෙන්වීමේ පියවරක් ලෙස බටහිර ජපානයේ Takamatsu නගරයේ දුම්රිය ක්‍රියාකරුවෙකු විසින් යුක්‍රේන ධජයේ  වර්ණයෙන් යුතු දුම්රියක් අඟහරුවාදා සිට ධාවනය ආරම්භ කළේය.

 

Takamatsu-Kotohira Electric Railroad Co. විසින් මෙහෙයවනු ලබන කහ සහ නිල් පැහැති තහඩු වලින් වර්ණ ගන්වා ඇති දුම්රියේ  "අපි ඔබ සමඟ සිටිමු",  "මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට කටයුතු කරන යුක්‍රේන දුම්රිය ක්‍රියාකරුවන්ට " යන පණිවිඩ ඇතුළත් වූ අතර දෙපැත්තෙන්ම "අපි ලෝක සාමය ප්‍රාර්ථනා කරමු" යනුවෙන් සටහන් තබා තිබුණි.

 

පෙබරවාරි 24 වන දින රුසියානු ආක්‍රමණය ආරම්භ වූ දා සිටම නැගෙනහිර යුරෝපීය රටේ දුම්රිය සේවා මිනිසුන් ආරක්ෂිත ස්ථාන කරා ගෙන යාමට සහ අවශ්‍යතා සැපයීමට ක්‍රියා කරමින් පවතී . මෙලෙස තමන්ගේ ජීවිත පරදුවට තබා වැඩ කරන දුම්රිය කාර්ය මණ්ඩලයට ගෞරවය දැක්වීම වෙනුවෙන් මෙය සිදු කර තිබේ.

196 Views

Comments