වනජීවී විශේෂඥයින්ගේ අවධානයට ලක්වූ වල් එළුවෝ


වල් එළුවන්ගේ පැවැත්ම පිළිබඳව අවධානය තවදුරටත් යොමුවේ

.

නිරිතදිග ජපානයේ Kagoshima ප්‍රාන්තයට ඔබ්බෙන් පිහිටි Amami-Oshima දූපතේ නායයෑම් සහ දුර්ලභ ශාක විනාශ වීමට හේතු වන වල් එළුවන්ගේ සංඛ්‍යාව පසුගිය වසර හත තුළ 30% ට වඩා වැඩි වී ඇති බව ප්‍රාන්ත රජය විසින් කරන ලද සමීක්ෂණයකින් හෙළි වී තිබේ.

 

පසුගිය වසර කීපය තුළදී එළුවන් බොහෝ විට වෙරළ තීරයේ කඳු බෑවුම්වල දක්නට ලැබුණද වර්තමානය වනවිට ලෝක උරුම ස්වභාවික අඩවියක් ලෙස නම් කර ඇති කඳුකරය තුළද ඔවුන් ජීවත් වන බව සොයාගෙන තිබේ. මෙනිසා දිවයිනේ දුර්ලභ ශාක හා සත්ත්ව විශේෂ කෙරෙහි ඔවුන්ගෙන් සිදුවන බලපෑම පිළිබඳව සංරක්ෂණවේදීන් කනස්සල්ලට පත්ව ඇති බව වාර්තා වේ. 

 

"එළුවන්ට එය ස්වභාවික උරුමයක් වුවත් කමක් නැත. රාත්‍රියේදී ඔවුන් ක්‍රියාශීලී වන අතර මුල් දක්වා වූ තණකොළ මෙන්ම දුර්ලභ ශාක ද ආහාරයට ගනී" යනුවෙන් Amami දූපත මතම ජීවත් වන ස්වභාවික ඡායාරූප ශිල්පියෙකු සහ මාර්ගෝපදේශකයෙකු වන 68 හැවිරිදි Mamoru Tsuneda පැවසීය.

143 Views

Comments