අගමැති කිෂිඩාගේ සහ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ හමුව


ජපාන අගමැති තුමන් පාප් වහන්සේ බැහැ දකි

.

න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් බිහි කිරිමේ ඔවුන්ගේ අන්‍යෝන්‍ය ඉලක්කය පිළිබඳව මෙන්ම යුක්‍රේනයට එරෙහි රුසියාවේ යුද්ධය පිළිබඳව ජපාන අගමැති Fumio Kishida සහ වතිකානුවේ Francis පාප් වහන්සේ අතර බදාදා සාකච්ඡා පැවැත්විණි. 

 

ජපාන අගමැති සහ වතිකානුවේ පාප් වහන්සේ අතර සාකච්ඡාවක් පැවැති පළමු අවස්ථාව ලෙස මෙය සැලකේ. රුසියානු ජනාධිපති Vladimir Putin මෙම යුද්ධයේදී න්‍යෂ්ටික අවි භාවිතා කළ හැකි යැයි බියක් මතු වී ඇති බැවින් මෙලෙස රාජ්‍ය නායකයින් සමග එක්ව සාකච්ඡා කොට ගත හැකි පියවර පිළිබඳව එකඟතාවකට පැමිණිම සිදු කෙරේ. 

 

පාප්වහන්සේ හමුවීමෙන් පසු කිෂිඩා ඉතාලි අග්‍රාමාත්‍ය Mario Draghi සමඟ සාකච්ඡා පැවැත්විමට නියමිත බව ජපාන නිලධාරීන් පැවැසීය.

116 Views

Comments