Corona වැලදී දුර්වල තත්වයක සිටියදීත් 10 ක් පුරාවට රෝහලේ අගුලු දැමූ කාමරයක සිර කර තැබීම සම්බන්ධයෙන් කාන්තාවක් ටෝකියෝ හි මනෝචිකිත්සක රෝහලකට නඩු පවරා තිබේ.
Tachikawa ට සමීප නගරයක් වන Tokyo හි වාසය කළ 53 හැවිරිදි මෙම කාන්තාවට , අසල්වැසි Hino නගරයේ Nanao රෝහලේ නේවාසික රෝගියෙකු ලෙස මානසික අවපීඩනය සඳහා ප්රතිකාර ලබමින් සිටියදී COVID-19 වැළඳී ඇති අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඇය රෝහල පවත්වාගෙන යන සංස්ථාවෙන් සහ රෝහල් අධ්යක්ෂවරයාගෙන් යෙන් මිලියන 5.5ක වන්දි මුදලක් ඉල්ලා සිටියාය .
නඩුවේ වාචික තර්ක මැයි 9 වන දින ටෝකියෝ දිස්ත්රික් උසාවියේ Tachikawa ශාඛාවේ දී ආරම්භ වූ අතර එම ඉල්ලීම ප්රතික්ෂේප කරන ලෙස රෝහල අධිකරණයෙන් ඉල්ලා සිටි බව වාර්තා වේ .