ජපානයේ රෝසමල් වසන්ත සතිය ආරම්භ වේ


Gifu ප්‍රාන්තයේ විශාල ම රෝස උද්‍යානය රෝස මලින් හැඩ වේ

.

ලොව විශාලතම රෝස උද්‍යානය ලෙස සැලකෙන මධ්‍යම ජපානයේ Gifu ප්‍රාන්තයට අයත් Kani නගරයේ පිහිටා ඇති "Gifu World Rose Garden" හි මල් දහස් ගණනක් විකසිත වීමත‍් සමඟ මේ වසරේ රෝස මල් වසන්තය ආරම්භ වී තිබේ .

 

ආසන්න වශයෙන් අලංකාරව මල් පිපුණු වෛවර්ණ ප්‍රභේද 6,000 කින් සමන්විත රෝස පැල 20,000 ක් පමණ නරඹන්නන් හට උද්‍යානය තුළදී දැකගත හැකි වේ.  අප්‍රේල් මාසයේ සහ මැයි මස මුල බොහෝ උණුසුම් දින කීපයක්ම පැවති නිසා රෝස මල් වෙනදාට වඩා සතියකට පමණ පෙර පිපී ඇති බව උද්‍යාන නිලධාරීන් සදහන් කරයි . 

 

ජූනි 12 දින දක්වා "Spring Rose Week" විවෘතව පවතින අතර වැඩිහිටියන් සඳහා ඇතුල්වීම යෙන් 1,050 වන අතර, උසස් පාසල් සිසුන් සහ තරුණයින් සඳහා නොමිලේ උද්‍යානය තුළට ඇතුළු වීමට අවසර ලබා දී තිබේ .  උත්සවය පිළිබඳව වැඩිදුර තොරතුරු විමසීමට අවශ්‍ය අයෙකු වේ නම් ජපන් භාෂාවෙන් 0574-63-7373 දුරකථන අංකයට උද්‍යානය අමතා තොරතුරු ලබාගත හැකි වේ .

 

205 Views

Comments