කාන්තා ඇඳුම් මාරු කිරිමේ කාමරයකට අනවසරයෙන් ඇතුළු වූ SDF නිලධාරියා අත්අඩංගුවට


කාන්තා ඇඳුම් මාරු කිරීමේ කාමරයකට ගොඩවැදුනු පොලිස් නින්දාවක් අත්අඩංගුවට පත්වෙයි

.

Aichi ප්‍රාන්තයේ Toyokawa හි පිහිටා තිබූ ජපාන භූමි ස්වයං ආරක්ෂක බලකායේ (JGSDF) කඳවුරක කාන්තා ඇඳුම් මාරු කරන කාමරයකට අනවසරයෙන් ඇතුළු වූ Reo Okano නම් 20 හැවිරිදි සාමාජිකයෙකු පසුගියදා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ . 

 

ඔහු Toyokawa කඳවුරේම රැඳී සිටින පුද්ගලයෙකු වන බවත් ඉරිදා සවස 4.10 ට පමණ සේවිකාවක් ඇදුම් මාරු කරමින් සිටියදී අදාළ කාමරයට ඇතුල් වී ඇති බවත් සදහන් වේ .

 

Okano ඒ මොහොතේදීම එම ස්ථානයෙන් පලා යාමට උත්සාහ දරා ඇති නමුත් එහි සිටි 46 හැවිරිදි සේවකයෙකු විසින් පොලිසිය පැමිණෙන තුරු ඔහුව යටත් කර තබා ගැනීමට සමත් වී ඇති බව පැවැසේ .

130 Views

Comments