ජපාන ගුවන් ආත්මාරක්ෂක හමුදාව සතු A C-130 නම් වූ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් පානිය ජලය රැගෙන පසුගිය සෙනසුරාදා සුනාමි සහ ගිනිකඳු ගිණි කඳු පුපුරා යාමෙන් බොහෝ දුරට විනාශයට ලක් වූ ටොන්ගා රාජ්‍යයට ළඟා විණි.
අදාළ ගුවන් යානය ජපානයේ Komaki ගුවන් හමුදා කඳවුරෙන් පසුගිය බ්‍රහස්පතින්දා පිටත් වූ අතර සිකුරාදා දින ඕස්ට්‍රේලියානු ගුවන් හමුදා කඳවුරක ගොඩබා තිබුනේ නැවත සෙනසුරාදා උදෑසන ටොන්ගා දේශයට පිටත් වෙන අරමුණෙනි.
ASDF සඳහා අයත් C-130 සහ C-2 නම් ගුවන් යානා ඉදිරියේදීත් පානීය ජලය සහ අනෙකුත් අාපදා සහන රැගෙන එම රාජ්‍ය වෙත ළඟාවීමට නියමිතයි.මේ සියලු කටයුතු සිදුකරන්නෙ ජපානයේ අාපදා සහන වැඩසටහන යටතේ යි.