ජීවිත රාශියක් අහිමි කරවමින් සිදුවූ ඉරාන දුම්රියේ පීලි පැනීම


ජීවිත බොහෝ ගණනක් අහිමි කරමින් ඉරානයේ දුම්රියක් පීලි පනී

.

නැගෙනහිර ඉරානයේ Tehran අගනුවරට ගිණිකොන දෙසින් පිහිටි කාන්තාර නගරයක් වන Tabas අසලදී අද දින අලුයම මගීන් 350ක් පමණ රැගෙන ගමන් කරමින් තිබූ මගී දුම්රියක් අර්ධ වශයෙන් පීලි පැනීම හේතුවෙන් පුද්ගලයින් 17 දෙනෙකු පමණ මිය ගොස් තවත් 50 දෙනෙකුට පමණ බරපතල තුවාල සිදුවී ඇති බව බලධාරීහු නිවේදනය කළහ. 

 

දුම්රියේ තිබූ කාර් හතෙන් හතරක් පීලි පැනීම අනතුරට හේතුව වන්නට ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කළ අතර ගිලන් රථ සහ හෙලිකොප්ටර් සහිත ගලවාගැනීමේ කණ්ඩායම් මේ වනවිටත් සන්නිවේදනය දුර්වල ප්‍රදේශයට පැමිණ ඇති බව වාර්තා වේ. 

 

"අනතුරින් අවම වශයෙන් පුද්ගලයින් 17 දෙනෙකු මිය ගොස් ඇති බවත්, ගලවා ගන්නන් දුම්රිය මැදිරි සෝදිසි කරන විට මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් " ඉරාන මාධ්‍ය උපුටා දක්වමින් Tabas හි ආණ්ඩුකාර Ali Akbar Rahimi පැවැසීය.

135 Views

Comments