දකුණු කොරියාවෙන් පලමු Monkeypox ආසාදිතයා හමුවෙයි


දකුණු කොරියාවෙන් ප්‍රථම වරට monkeypox ආසාදිතයකු හමුවෙයි

.

COVID-19 වසංගතයේ පහව යාමත් සමඟ යළිත් වරක් විදේශ සංචාරකයින් පිළිගැනීම ආරම්භ කර ඇති මොහාතක රටේ පළමු Monkeypox ආසාදිත රෝගියා තහවුරු වූ බව දකුණු කොරියාවේ සෞඛ්‍ය අංශ විසින්  නිවේදනය කළ අතර ඒ හේතුවෙන් වෛරසය සඳහා වන අනතුරු ඇඟවීමේ මට්ටම ඉහළ නැංවීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ. 

 

අඟහරුවාදා දින ජර්මනියේ සිට පැමිණ සිටි දකුණු කොරියානු ජාතිකයෙකු Monkeypox රෝගය සඳහා ධනාත්මක බව තහවුරු වී තිබූ අතර මෘදු උණ, උගුරේ අමාරුව සහ සමේ තුවාල වැනි රෝග ලක්ෂණ ඔහු පෙන්නුම් කළ බව කොරියානු රෝග පාලන හා වැළැක්වීමේ ඒජන්සිය ප්‍රකාශ කළේය. 

 

මේ හේතුවෙන් සිංගප්පූරුවෙන් පසුව Monkeypox ආසාදිතයෙකු තහවුරු කළ ආසියාවේ දෙවන රට බවට දකුණු කොරියාව පත්විය. සෞඛ්‍ය බලධාරීන් විසින් රෝග ව්‍යාප්තිය වැළැක්වීමේ ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම වෙනුවෙන් Monkeypox රෝගය සඳහා වන ප්‍රතිවෛරස් ඖෂධ ජූලි මාසය වන විට ආනයනය කිරීමට  සැලසුම් කර ඇති බව වාර්තා වේ.

143 Views

Comments