ඉන්දු පැසිෆික් කලාපය තුළ ඉහළ යමින් පවතින චීනයේ යුධමය ක්‍රියාකාරකම්වලට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ජපානයේ සහ පිලිපීනයේ ගුවන් ආරක්ෂක සහයෝගීතාවයේ මීළඟ පියවර "අභ්‍යවකාශ තාක්ෂණය සහ නිරීක්ෂණය "විය හැකි බව ජපානයේ ගුවන් ස්වයං ආරක්ෂක බලකායේ මාණ්ඩලික ප්‍රධානී Shunji Izutsu පිලිපීනයේ සංචාරය අතරතුරදී බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය.
"අවාසනාවකට මෙන්, මුහුද සහ අහස තවදුරටත් ආරක්ෂිත ස්ථානයක් නොවේ. පිලිපීනය සහ ජපානය යන ජාතීන් දෙකම, අභ්‍යවකාශ තත්ත්ව පිළිබඳ දැනුවත්භාවය ලබා ගැනීම සඳහා ඔත්තු බැලීමේ හැකියාව වැඩි කිරීමේ උත්සාහයන් දරමින් සිටී" යනුවෙන් රටේ උතුරු ප්‍රදේශයේ පිහිටි Clark ගුවන් කඳවුරේදී පිලිපීන ගුවන් හමුදාවේ ප්‍රධානී Connor Anthony Canlas සමඟ පැවැති ඒකාබද්ධ ප්රවෘත්ති සාකච්ඡාවකදී Izutsu ඉංග්‍රීසි භාෂාවෙන් කියා සිටියේය.
" ටෝකියෝ-මැනිලා සබඳතා ශක්තිමත් වෙමින් පවතින අතර , පෙර පැවති ආර්ථික හවුල්කාරිත්වය අභිබවා 'යුධමය සහ ආරක්ෂක' අංශ දක්වා පුළුල් ලෙස වැඩිදියුණු වූ සබදතා දෙරට අතර ගොඩනැගී ඇත " යනුවෙන් Canlas පැවැසීය.