වසා දමන බව නිවේදනය කිරීමෙන් පසු පාරිභෝගිකයන්ගෙන් පිරී ඉතිරී ගිය අවසන් Anna Miller අවන්හල


Anne Millers අවන්හල වසා දමන බව නිවේදනය කිරීමෙන් පසු පාරිභෝගිකයන් ඒවාට රැස්වීම ඉහළ යයි

.

අගෝස්තු මස අග භාගය වනවිට සිය අවසන් අවන්හලත් වසා දැමීමට නියමිතව ඇති බවට 20-Plus ශක්තිමත් අවන්හල් දාමයක් වන Anna Miller's විසින් පසුගිය ජුනි 14 දින නිවේදනය කිරීමත් සමඟ අවන්හල දෛනික පාරිභෝගිකයින්ගෙන් පිරී ඉතිරී යන බව වාර්තා වේ. 

 

ආපනශාලාවේ මව් සමාගම වන Imuraya Group Co. පැවසුවේ, එම නිවේදනයෙන් පසුව Tokyo නගරයේ Minato Ward හි පිහිටි Takanawa ශාඛාවට සති අන්තයේ පැමිණි පාරිභෝගිකයින් හට ආසනයක් ලබා ගැනීම සඳහා පැය තුනක් තරම් දිගු කාලයක් බලා සිටි බවයි.  

 

"අපට මෙතරම් පාරිභෝගිකයින් පිරිසක් ලැබුවද, අපට සෑදිය හැකි සීමිත Pie ප්‍රමාණය නිසා ඔවුන්ගේ ඉල්ලුම සපුරාලීමට නොහැකි වීම ගැන අපි ඉතා කණගාටු වෙමු. ඔබේ කාරුණික අවබෝධයට ස්තූතියි" යනුවෙන් ගබඩා නියෝජිතයෙකු උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේය .

 

ජුනි 17 වන දින සිට අවන්හලේදී සතියේ දිනය කුමක් වුවත්, එක් පාරිභෝගිකයෙකු හට ඔවුන්ගේ ජනප්‍රිය ප්‍රධාන ආහාරයක් වන Pie හි විවිධ වර්ග පෙති හයකට හෝ සම්පූර්ණ Pie එකක් දක්වා සීමා කර ඇති අතර උදේ 10 සිට සවස 6 දක්වා Pie අලෙවිය සිදු කරනු ලබයි. ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදිය නොහැකි විට සතියේ දිනවල හෝ ඒවා විකිණී අවසන් වූ වහාම මෙනුවෙන් එය ඉවත් කෙරෙන අතර ආපන ශාලාවේ ආසන වෙන්කරවා ගැනීමේ සහ Pie නිවසට රැගෙන යාමේ සේවාවන් අත්හිටුවා තිබේ.

181 Views

Comments