මාස ගනනාවක් මුළුල්ලේ ඉහල යමින් පවතින අමුද්‍රව්‍ය මිල ගණන් හේතුවෙන් බොහෝ සිසුන්ගේ පවුල් මුහුණ දෙන ආර්ථික දුෂ්කරතා හමුවේ පාසල් දිවා ආහාර වේල සදහා වන බරත් දෙමාපියන් වෙතම පැටවීමට අකමැති වූ නැගෙනහිර Tokyo නගරයේ Senju Aoba කනිෂ්ඨ උසස් පාසලේ මුළුතැන්ගෙය එහි සාමාන්‍ය අයවැය තුළ රැඳී සිටීමට හැකි වන පරිදි දිවා ආහාර වට්ටෝරු නිරන්තරයෙන් වෙනස් කිරීම සිදු කරනු ලබයි.
"මම මසකට වරක් හෝ දෙවරක් සෘතුමය පලතුරු ඇතුළත් කිරීමට උත්සාහ කරමි. නමුත් එය නිතර කිරීමට අපහසු වේ. දරාගත නොහැකි වියදම හමුවේ මම ජපානයේ මිල අධික නැවුම් පලතුරු ජෙලි හෝ අතින් සාදන ලද කේක් පෙත්තක් සමඟ ආදේශ කිරීමට මෙන්ම හැකි සෑම තැනකම ලාභ විකල්පයක් ලෙස බෝංචි පැළ බොහොමයක් භාවිතා කිරීමට පෙළඹුණා. නමුත් ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් දිගටම මෙලෙස ඉහළ ගියහොත් මම අදහස් වලින් තොර වනු ඇති බවට මෙන්ම දරුවන්ට ආහාර වේල අහිමි වනු ඇති බවට මට කනස්සල්ලක් දැනෙනවා " යනුවෙන් පාසලේ මුළුතැන්ගෙයි භාර Kazumi Sato පැවසුවාය.
දුප්පත් පවුල් සිය නිවස් වල පෝෂ්‍යදායී ආහාර වේල් අතපසු කරන බව දැන සිටින බැවින් පාසල් බලධාරීන් විසින් මන්දපෝෂණය වැළදෙන දරුවන් ප්‍රමාණය අවම කර ගැනීම වෙනුවෙන් අමතර අයවැය භාවිතා කිරීමට සැලසුම් සකස් කරමින් සහන ක්‍රියාමාර්ග වෙත යොමු වීමට පෙළැඹී තිබේ.