හෝටල් කාමරයකදී 82 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කළ 24 හැවිරිදි කාන්තාවක්


මහලු පුද්ගලයාට පිහියෙන් ඇන කාන්තාවක් පලා යයි

.

පසුගිය ජනවාරි මාසයේදී 21 දින Ikebukuro හි ප්‍රේම හෝටලයක 10 වෙනි මහලේ කාමරයක් තුළ දී රාත්‍රී 10 ට පමණ Saitama නගරයේ පදිංචිව සිටි Katsuzi Koni නම් 82 හැවිරිදි පුද්ගලයෙකුගේ මුදල් පසුම්බිය සොරකම් කර ඔහු ඝාතනය කර පලා යාම සම්බන්ධයෙන් Tokyo නගරයේ පදිංචිව සිටි Haruka Fuki නම් 24 හැවිරිදි රැකියා විරහිත කාන්තාවකට එරෙහිව නඩු පවරන්නන් විසින් පසුගියදා අධිචෝදනා ගොනු කර ඇති බව වාර්තා වේ. 

 

නිලධාරීන් විසින් Kono ගේ සිරුර සොයා ගන්නා විටත් නිරුවතින් සිටි ඔහුගේ පපුවට සහ කලවා ප්‍රදේශයට පිහියෙන් ඇන තිබූ අතර ඔහු එම ස්ථානයේදීම මිය ගොස් සිටි බව පොලීසිය සඳහන් කළේය. 

 

රාත්‍රී 9.45 ට පමණ නාදුනන කාන්තාවකගෙන් "හෝටලයේ නරක දෙයක් සිදු වූ බවට මිතුරෙකුගෙන් පණිවිඩයක් ලැබුණු බව" පවසමින් පොලිසියට ලද ඇමතුමක් අනුව නිලධාරීන් හෝටලය වෙත ළගා වී ඇති අතර ඔහු රාත්‍රී 8.10 ට පමණ Fujii සමඟ හෝටලයට ඇතුළු වන අයුරු සහ ඊට පැයකට පමණ පසුව Fuji තනිවම හෝටලයෙන් පිටව ගොස් එහි පිටත රැදී සිටි මිනිසුන් දෙදෙනෙකු හමු වන අයුරු ආරක්ෂිත නිරීක්ෂණ කැමරා දර්ශන නිරීක්ෂණය කිරීමෙන් සොයාගෙන ඇත. 

 

පසුදිනම Fuji සහ මිනිසුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට නිලධාරීන් සමත් වූ අතර අතරමැදි සැකකරුවන් දෙදෙනාට මිනීමැරුම් චෝදනා එල්ල වී නොමැත බවත් Kono ගේ මුදල් රහිත පසුම්බිය හමුවූ බැවින් වින්දිතයාගෙන් මුදල් ලබා ගැනීම පමණක් Fuji ගේ සැලසුම වන්නට ඇති බවත් පොලිසිය මෙහිදී වැඩිදුරටත් සදහන් කළේය.

123 Views

Comments