නැව්ගත කිරීම සඳහා ගිම්හාන තාපයෙන් වියැලෙන ජපාන පිදුරු තොප්පිය


ගිම්හාන කාලයේ දී ජපානයේ පිදුරු තොප්පිය සාර්ථකව අලෙවි වේ

.

Okayama ප්‍රාන්තයේ Kasoka නගරයේ Ishidaseibu සමාගමේ සේවක මණ්ඩලය විසින් අපනයනය කිරීම සඳහා නිපදවන ලද පිදුරු තොප්පි ඒවායේ නිෂ්පාදන ක්‍රියාවලියෙන් අනතුරුව ගිම්හාන හිරු එළියෙන් වියැළෙන පරිදි එළිමහනේ තබා ඇති අයුරු මේ දිනවල දැකගැනීමට හැකි වේ . 

 

මෙම පිදුරු තොප්පිය ඒවායේ සරල මෝස්තරය සහ සුවපහසු ගැලපීම හේතුවෙන් දේශීය මෙන්ම විදේශීය ජනතාව අතර ඉමහත් ජනප්‍රිය අයිතමයක් වන බැවින් මාර්තු සහ අගෝස්තු අතර කාලයේදී සමාගම තුළ නිෂ්පාදනය කරනු ලබන තොප්පි 10,000 ක් පමණ වෙනත් රටවලට නැව්ගත කිරීමට අපේක්ෂා කෙරේ. 

 

1897 දී ආරම්භ කරන ලද මෙම සමාගමේ කාර්ය මණ්ඩලයට අයත් නිමැවුම් ශිල්පීන්, ජපානයේ ගිම්හානය කාලය ආරම්භ වූ විට තොප්පි වල නිෂ්පාදන කටයුතු හේතුවෙන් අතිශයින් කාර්යබහුලත්වයට පත් වන අතර "මිනිසුන් පිදුරු තොප්පියක් පැළඳ සිටින විට ප්‍රීතිමත් සහ ධනාත්මක හැඟීමක් ඇති වේ යැයි අපි බලාපොරොත්තු වෙමු" යනුවෙන් 49 හැවිරිදි සමාගම් ප්‍රකාශක Kotoji Ishida මෙහිදී අදහස් දක්‌වමින් පැවැසීය.

 

159 Views

Comments