ටෝකියෝ හි ගිබ්ලි උද්‍යානයට  ප්‍රේක්ෂකයන් ඇදී ඒමේ අඩුවක්


Ghibli උද්‍යානයට සංචාරකයන් වීමේ අඩුවක් වාර්තා වෙයි

.

ටෝකියෝ හි ගිබ්ලි උද්‍යානය  ගැන ආදරය කිරීමට විවිධ දේ ඇත, නමුත් සංචාරය කරන සෑම කෙනෙකුම පාහේ එකඟ වන එක් දෙයක් නම්, එහි සැකසුම සුහද නොවන බවයි. එය ප්‍රධාන කොටස් කීපයකට වෙන්කර ඇත. ටිකට්පත් විකුණනු ලබන්නේ කලින් වෙන්කරවා ගැනීමෙන් පමණි, ටිකට්පත් ලබා ගැනීම සඳහා ප්‍රේක්ෂකයන් දවස පුරා එකතැන පල්වෙන වේලාවන් ඇත, සහ මුළු දෛනික පැමිණීම සීමා කර ඇත, මේ ආදී හේතු නිසා එම විනෝද උද්‍යානය වෙත ඇදී එන ප්‍රේක්ෂකයන් ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු වී ඇත .

 

එබැවින් Studio Ghibli හි සජීවිකරණ කෘතීන් සඳහා කැප වූ ප්‍රථම තේමා උද්‍යානය වන Ghibli Park එය විවෘත වන අවස්ථාවේදී පැවසූ පරිදි ප්‍රේක්ෂකයන් සඳහා සලසනවා යැයි පැවසූ පහසුකම් සැලසීමට මේ වන විට අපොහොසත් වී තිබේ.

 

කෙසේ නමුත් එම උද්‍යානය හරහා අපේක්ෂිත  ආදායම් ලඟාකරගැනීමට නම් ඒ වෙත ඇදී එන ප්‍රේක්ෂකයන් ප්‍රමාණය වැඩි කර ගැනීමට ඔවුන්ගේ ප්‍රතිපත්තිවල යම් වෙනසක් සිදු කිරීමට සිදුවනු ඇතැයි බොහෝ අයවලුන්ගේ මතයයි.

143 Views

Comments