Osaka ප්රාන්ත නගරයේ Kawachinagano හි සම්ප්රදායික ජපන් භූමිය තුළ පිහිටා ඇති Amanosan Kongoji පන්සල අවට දීප්තිමත් කහ පැහැයෙන් බැබළෙන අති විශාල සූරියකාන්ත යායක් දැකිය හැකි වන අතර මේ වනවිට වගාවේ සෑම ගසක්ම මුලුමනින්ම මල් වලින් වැසී පවතී.
පන්සලේ කාර්ය මණ්ඩලය ඇතුළු ප්රදේශවාසින් එක්ව මෙම වගා භූමිය පිරිසිදු කර පසුගිය කන්නයේදී සූරියකාන්ත ඇට වපුරා ඇති අතර "ශාක වල කඳන් නොකැඩෙන ලෙසත්, සියලු දෙනාටම නැරඹිය හැකි වන පරිදි යහපත් හැසිරීම් සහිතව මෙම මනස්කාන්ත දර්ශනය භුක්ති විඳින ලෙසත්" දර්ශනය නැරඹීමට පැමිණෙන ජනතාවගෙන් නගර රජය ඉල්ලා තිබේ .
"ඔවුන් හරිම ලස්සනයි. ඔවුන්ගේ දර්ශනයෙන් මම සසල වුණා" යනුවෙන් Tondabayashi ප්රාන්තයේ සිට පන්සල වෙත පැමිණි 30 හැවිරිදි කාන්තාවක් තම සතුට වචන වලට හැරවූ අතර එහි සිටි බොහෝ දෙනා සූරියකාන්ත යාය තුළට වී මල් සමග ජායාරූප ගැනීම සඳහා කාර්යබහුල වෙමින් සිටින ආකාරය දැකගත හැකි විය.