පරමාණු බෝම්බ ප්‍රහාරයේ 77 වැනි සංවත්සරය සනිටුහන් කළ ජපාන නගරය


හිරෝෂිමා ප්‍රහාරයේ හැත්තෑ හත් වන සංවත්සරය සැමරේ

.

වර්ෂ 1945 අගෝස්තු 6 වන දින එක්සත් ජනපදයේ බෝම්බ හෙලන යානයක් විසින් Hiroshima නගරය ඉලක්ක කර ගනිමින් සිදු කරන ලද යුරේනියම් බෝම්බ ප්‍රහාරය සිදුවී වසර 77 ක්‌ සනිටුහන් වන අද දිනයේ, යුක්‍රේන යුද්ධයේදී න්‍යෂ්ටික අවි භාවිතා කරන බවට රුසියාව විසින් නැවත නැවතත් එල්ල කරන තර්ජන හේතුවෙන් ඇතිව තිබෙන කනස්සලු සහගත තත්ත්වය මධ්‍යයේ වුවද ලොව පුරා විහිද සිටින ජාතීන් 99 දෙනෙකුගේ සහ යුරෝපා සංගමයේ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් සහ නගරාධිපති Kazumi Matsui ගේ මෙහෙයවීමෙන් නගරයේ සාම අනුස්මරණ උද්‍යානයේදී බෝම්බ ප්‍රහාරයේ 77 වන අනුස්මරණ සංවත්සරය පැවැත්විණි. 

 

මෙහිදී එක්රැස්ව සිටි සියලු දෙනා විසින් බෝම්බය පුපුරුවා හරින ලද නිශ්චිත මොහොත ලෙස සැලකෙන උදෑසන 8.15 ට සුළු නිශ්ශබ්දතාවයක්  පවත්වා ප්‍රහාරයෙන් මියගිය සහ හානියට පත්වූ සියලු පුරවැසියන් සිහිකළ අතර “අපි වහාම සියලුම න්‍යෂ්ටික බොත්තම් අර්ථ විරහිත කළ යුතුයි ” යනුවෙන් අනුස්මරණ උත්සවයේ සාම ප්‍රකාශය ඉදිරිපත් කරමින් නගරාධිපති Kazumi ප්‍රකාශ කළේය.

 

යුක්‍රේන යුද්ධයේදී Moscow වෙත ආධාර ලබා දෙන රුසියාවට සහ බෙලරුසියාවට මෙහි පැවැති අනුස්මරණ උත්සවය සඳහා ආරාධනා කර නොතිබූ අතර අන්‍යෝන්‍ය විශ්වාසයේ පාලම් ගොඩනැගීමට, න්‍යෂ්ටික අවිවලින් තොර ලෝකයක් සාක්ෂාත් කර ගැනීමට සහ යළිත් කිසිදු දිනෙක මෙවැනි විපතක් සිදු නොවීමට නම් නිශ්චිත පියවර අනුගමනය කරමින් න්‍යෂ්ටික අවි සහිත රාජ්‍යයන් විසින් ගත යුතු හදිසි ක්‍රියාමාර්ගවල අවශ්‍යතාවය සමස්ථ උත්සවය පුරාවටම අවධාරණය කෙරිණි.

Comments