මුඛ ආවරණය නොපැළඳීම නිසා දුම්රියේ සිටි කාන්තාවකට පහර දුන් පුද්ගලයෙක් අත්අඩංගුවට.


දුම්රියක් තුළ කාන්තාවකට පහර දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගනී

.

Kagoshima ප්‍රධාන මාර්ගයේ දුම්රියට ගොඩවැදුනු 82 හැවිරිදි කාන්තාවකට ඇය  මුව ආවරණයක් පැළඳ නොසිටි නිසා පහර දුන් බවට සැකපිට 41 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

පොලිසිය පවසන පරිදි පෙරවරු 10 ට පමණ මෙම සිද්ධිය සිදුවී ඇත. Osaka ප්‍රාන්තයේ Kadoma නගරයේ පදිංචි Daichi Nakamura නමැත්තා මෙම චෝදනාව පිළිගෙන ඇති බව පොලිසිය පවසා ඇත.

 

කාන්තාව මුව ආවරණය පැළඳ නොසිටි බැවින් ඔහු කෝපයට පත් වී ඇයගේ හිසට පහර දුන් බව වරදකරු පොලීසියට පවසා ඇත. එම කාන්තාවට බරපතල තුවාල සිදුවී නොමැති බව පොලීසිය වාර්තා කර ඇත.

112 Views

Comments