පුතු ඝාතනය කිරීමට තැත් කළ වයෝවෘද්ධ මවක් අත්අඩංගුවට ගැනේ


තම පුතු ඝාතනයට තැත්කළ මවක් අත්අඩංගුවට ගනී

.

අගෝස්තු 29 වන සදුදා දින පස්වරු 4.30 ට පමණ 48 හැවිරිදි තම පුතුගේ ගෙලට පිහියකින් කිහිප වතාවක්ම ඇන ඝාතනය කිරීමට උත්සාහ කළ බවට සැකපිට Mieko Nakajima නම් 71 හැවිරිදි කාන්තාවක Hiroshima ප්‍රාන්ත පොලිසිය විසින්  අත්අඩංගුවට ගෙන තිබේ.

 

වෙනත් නිවසක වාසය කරන Nakajima ගේ දෙවන පුත්‍රයා එදින සවස 6.30 ට පමණ නිවසට පැමිණි අවස්ථාවේ සොහොයුරාගේ බෙල්ලෙන් ලේ ගලන ආකාරය දැක 119 අමතා ඇති අතර තුවාල ලබා සිටි වින්දිතයා වහාම රෝහල් ගත කිරීමට නිලධාරීන් පියවර ගෙන ඇත . 

 

ඔහුට සිදුවී ඇති තුවාල කිසිවක් ගැඹුරු නොවන බැවින් ඔහුගේ ජීවිතයට මරණීය තර්ජනයක්‌ නොමැති බවත් සති දෙකක පමණ කාලයක් ඔහුව රෝහල් ගත කළ යුතු බවත් එහිදී ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් ප්‍රකාශ කළ අතර අත්අඩංගුවට පත්වූ Nakajima තම පුතුට පහර දීම සම්බන්ධයෙන් කිසිදු හේතුවක් මෙතෙක් ඉදිරිපත් කර නොමැති බව සිද්ධිය පිළිබඳව අදහස් දක්‌වමින් පොලිසිය සදහන් කළේය.

Comments