අමතර විශ්වවිද්‍යාල පිවිසුම් පරීක්ෂණයක්


කොරෝනා ආසාදිතවීම, වෙනත් සෞඛ්‍ය ගැටලු හා ටොන්ගා දූපත් ආශ්‍රිතව සිදු වූ  සුනාමි උවදුර හේතුවෙන්  ජපානයේ  විශ්ව

.

කොරෝනා ආසාදිතවීම, වෙනත් සෞඛ්‍ය ගැටලු හා ටොන්ගා දූපත් ආශ්‍රිතව සිදු වූ  සුනාමි උවදුර හේතුවෙන්  ජපානයේ  විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයට මුහුණ දීමට බාධා වූ සිසුන් හට  නැවත එම පරීක්ෂණය  පසුගිය සෙනසුරාදා  පැවැත්විණි.

 

දින දෙකක පරීක්ෂණයක් වන මෙය විභාග මධ්‍යස්ථාන 48 කදී විභාග අයදුම්කරුවන්  1659 කගේ සහභාගිත්වයෙන් සිදු විණ.පසුගිය දිනක විභාග මධ්‍යස්ථානයක් අසලදී සිදු වූ පිහි ඇනුම් සිදුවීමද හේතුකොටගෙන මෙම පරීක්ෂණය දැඩි ආරක්ෂක පිළිවෙත් මධ්‍යයේ සිදු වී තිබිණ.

 

ජපානයේ මේ වන විට  6 වෙනි කොරෝනා රැල්ල හමුවේ  ඉතා සීඝ්‍රයෙන් වසංගතය පැතිර යන තත්ත්වයක මෙම පරීක්ෂණය  ද දැඩි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කෙරෙමින් පැවැත් වූ බව ආරංචි මාර්ග පවසයි.

 

319 Views

Comments