ජපාන විපක්ෂ නායකයෝ අබේ අවමංගල්‍ය කටයුතු පිළිබඳ ප්‍රශ්න කරයි.


රාජ්‍ය අවමංගල්‍යයට විපක්ෂයේ විරෝධය තවදුරටත් පවතී

.

ජපානයේ විශාලතම විපක්ෂයේ නායකයා පවසා සිටින්නේ පාර්ලිමේන්තුවේ මැදිහත්වීමකින් තොරව හිටපු අගමැති අබේ ෂින්සෝගේ අවමංගල්‍ය රාජ්‍ය උත්සවයක් පැවැත්වීමට රජය තීරණය කිරීම බරපතල ගැටලුවක් බවයි. 

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සභාපති ඉසුමි කෙන්ටා පවසා සිටියේ අබේගේ මරණය සම්බන්ධයෙන් තම පක්ෂය ශෝකය ප්‍රකාශ කරන බවයි. එහෙත් මෙවර පැවති ආකාරයේ රාජ්‍ය අවමංගල්‍ය කටයුතුවලට ඉඩ නොතැබිය යුතු බව හා තම පක්ෂයේ නායකයින් අඟහරුවාදා අවමංගල්‍යයට සහභාගී නොවූ බව ද ඉසුමි පවසා ඇත. 

 

රාජ්‍ය අවමංගල්‍ය උත්සවය සම්බන්ධයෙන් මහජන මතය බෙදී තිබීම කණගාටුවට කරුණක් බවත්, රජය ගත් තීරණය ප්‍රමාණවත් ලෙස ජනතාවට පැහැදිලි කිරීමට රජය අපොහොසත් වීම ගැටලු සහගත බවත් ඔහු පවසා සිටියේය.

98 Views

Comments