උතුරු කොරියාව විසින් පැහැරගෙන ගිය ජපාන පුරවැසියන් ආපසු ගෙන්වා ගැනීමට රජය හැකි සෑම දෙයක්ම කරන බව ජපානයේ ප්‍රධාන කැබිනට් ලේකම් Matsuno Hirokazu යලි අවධාරණය කර ඇත. පැහැරගැනීම් ගැටළු භාර අමාත්‍යවරයා ද වන Matsuno ඉරිදා Tottori ප්‍රාන්තයේ Yonago නගරයේ සංචාරයක නිරතවී ඇත.
මීට වසර 45 කට පෙර වින්දිතයන්ගෙන් එක් අයෙකු වන Matsumoto Kyoko පැහැරගෙන යනු ලැබුවේ ජපන් මුහුදේ වෙරළ තීරයේ එම නගරයෙනි. ඇගේ සහෝදරයා, Matsumoto Hajime, Matsuno සමඟ උතුරු කොරියානු නියෝජිතයන් විසින් ඇයව රැගෙන ගිය ස්ථානයට ගොස් ඇත.
2002 වසරේදී පැහැර ගැනීමට ලක් වූ පස් දෙනෙකු ආපසු ජපානයට ගෙන්වා ගැනීමෙන් පසු කිසිදු වින්දිතයෙකු නැවත ජපානයට නොපැමිණීම ගැන කණගාටු වන බව ද ඔහු පවසා ඇත. රජය විසින් වින්දිතයන් ලෙස නිල වශයෙන් පිළිගනු ලැබුවද පැහැරගත් සෑම කෙනෙකුම ආපසු ගෙන්වා ගැනීමට ජපානය එක්සත් ජනපදය සහ අනෙකුත් ජාතීන් සමඟ එක්ව කටයුතු කරන බව Matsuno පවසා ඇත.