රජය පුද්ගලික අංශය සමඟ අත්වැල් බැඳගෙන ආර්ථික සුරක්ෂිතතාව ප්‍රවර්ධනය කිරීම සඳහා දියුණු විද්‍යාත්මක ක්ෂේත්රවල ආයෝජන කඩිනම් කරන බවට ජපන් අගමැති කිෂිඩා ෆුමියෝ ප්‍රතිඥා දී ඇත. බටහිර ජපානයේ කියෝතෝ නගරයේ ඉරිදා ආරම්භ වූ විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකදී කිෂිඩා මේ බව ප්‍රකාශ කර තිබිණි .
දේශගුණික විපර්යාස වැනි සමාජ අභියෝග වර්ධන යන්ත්‍ර බවට පත් කරන ධනවාදයේ නව ස්වරූපයක් පිළිබඳ සංකල්පය ඔහුගේ පරිපාලනය විසින් තහවුරු කර ඇති බවට ඔහු එහිදී ප්‍රකාශ කර ඇත. එලෙසම ඔහුගේ රජය නවෝත්පාදනයේ ප්රභවය ලෙස මිනිසුන් සඳහා ආයෝජනය ඇතුළු මූලික පර්යේෂණ හැකියාවන් ශක්තිමත් කරනු ඇති බවටද ඔහු පවසා ඇත.
ආර්ථික සුරක්ෂිතතාව ප්‍රවර්ධනය කිරීමට රජය සැලසුම් කර ඇති ආකාරය පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති අතර ක්වොන්ටම් තාක්ෂණය, AI සහ ජෛව තාක්ෂණය යන ක්ෂේත්රවල රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය හරහා ජාතික උපාය මාර්ග සහ ආයෝජන වේගවත් කිරීමට ඔහු ප්‍රතිඥා දී ඇත.